ක්‍රීඩා

දෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ලකුණු 132ක ජයක්!

Published

on

දෙවැනි එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන පිල ලකුණු 132 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා පිල අද (04) සූරියවැව ක්‍රීඩාංගනයේදී සමත්විය.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42.1  පන්දුවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගැනීමට සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 323 ට  ඇෆ්ගනිස්තානයට සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 191ක් පමණි.

අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්විය.

දුෂ්මන්ත චමීර පන්දුවාර 7ක් යොමුකර ලකුණු 18ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

මහීෂ් තීක්ෂණ සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස්කරගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා පිල (පන්දුවාර 50 කදී)  323/6

(පැතුම් නිස්සංක 43, දිමුත් කරුණාරත්න 52, කුසල් මෙන්ඩිසස් 78, සදීර සමරවික්‍රම 44, ධනංජය ද සිල්වා නොදැවී 29, දසුන් ශානක 23, වනිඳු හසරංග නොදැවී 29, මොහොමඩ් නබී 52/2, ෆරීඩ් අහමඩ් 61/2)

ඇෆ්ගනිස්තාන් පිල  (පන්දුවාර 50 කදී)  191

(ඊබ්‍රහිම් ශද්‍රාන් 54, රමාට් ෂා 36, හෂ්මතුල්ලා ශහිදි 57, අෂ්මතුල්ලා ඔමර්ෂා 28, දුෂ්මන්ත චමීර 18/2, වනිඳු හසරංග 42/3, ධනංජය ද සිල්වා 39/3) 

Trending

Exit mobile version