ක්‍රීඩා

ධනංජය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

Published

on

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට ශ්‍රී ලංකාව හැකිවිය.

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍යම තරගයක් විය. එහිදී ධනංජය ද සිල්වා (66) නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළේය.

මෙම තරග පරාජයත් සමඟ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වනු ඇත.

Trending

Exit mobile version