ක්‍රීඩා

ධනුෂ්කගේ නඩු ගාස්තු ගැන ඉල්ලීමක්

Published

on

සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බළධාරීන් විසින් සිදුකල යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන් විසින් තර්ක කර ඇත.

නඩුව සිඩ්නි නුවර අධිකරණයකදී අද (04) නැවතත් විභාගයට ගත් අවස්ථාවේදී ගුණතිලකගේ නීතීඥයන් මෙම තර්කය ඉදිරිපත් කර ඇත.

සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තවත් සති 02 ක් බලා සිටීමට සිදුවන බවට ඔවුන් මෙහිදී පෙන්වා දී තිබේ.

විදේශීය පුරවැසියෙකු වන සිය සේවා දායකයා මේ වනවිට මාස 06 කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ නඩු කටයුත්තකට සම්බන්ධවී සිටින බවත් මෙම ප්‍රමාදයන් හමුවේ අති විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව අදාළ නඩු ගාස්තු නිවු සවුත් වේල්ස් නීති බළධාරීන් විසින් ගෙවිය යුතු බවට වන යෝජනාව මීලග නඩු වාරයේදී ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නඩුව නැවත ලබන 18දා විභාග කිරීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීමට පැමිණි අවස්ථාවේදී සිඩ්නි නුවර තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක මෙම නඩු විභාගයට පෙනී සිටියි.

Trending

Exit mobile version