ක්‍රීඩා

ධනුෂ්කට සහනයක්

Published

on

ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ එය ධනුෂ්ක ගුණතිලක ලද ජයග්‍රහණයක් ලෙසටය.

ඒ අනුව මෙම සහනය හරහා ධනුෂ්ක ගුණතිලක හට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර හිමිව ඇත.

මෙලෙස සංචාරයන් හි නිරතවීමේදී ධනුෂ්කට ඔස්ට්‍රේලියාව තුළ ගුවන් සංචාරයන් හි නිරත වීමට ද අවසර ලැබී තිබේ.

එක් මාසයකදී ඔහුට එරට අභ්‍යන්තර ගුවන් සංචාරයන් දෙකක් සිදුකිරීමට ඒ අනුව අවසර හිමිවනු ඇති.

අදාළ නඩු විභාගය සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට එරෙහි ඇප කොන්දේසි ලිහිල් කිරීමට මෙලෙස අධිකරණය තීරණය කර ඇත.

එහිදී වැඩිදුරටත් අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ඔහු ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය අවම වශයෙන් පැය 48 කට පෙර පොලිසිය දැනුවත් කරන ලෙසටය.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලකට සතියකට තුන් වතාවක් පොලීසිය හමුවේ පෙනී සිටීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මකය.

(නිවුස්රේඩියෝ)

Trending

Exit mobile version