ක්‍රීඩා

ධනුෂ්කට ෆේස්බුක් – ඉන්ස්ටග්‍රම් භාවිතා කිරීමට අවසර

Published

on

සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට අවසර ලැබී තිබේ.

සිඩ්නි අධිකරණයක් වෙත ඔහු වෙනුවෙන් කරනු ලැබූ ඇප කොන්දේසි සංශෝධන ඉල්ලීම සඳහා අනුමැතිය හිමිවීමත් සමග ධනුෂ්ක හට මෙම අවසරය ලැබී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවුවත්, වින්දිත පාර්ශවයට සමාජ මාධ්‍ය හරහා කිසිදු තර්ජනයක් සිදුකිරීමෙන් වළකින ලෙසද ඔහුට දැනුම් දී තිබේ.

පසුගිය නඩුවාරයේදී ධනුෂ්ක ට අවසර හිමිවූයේ වට්ස්ඇප් භාවිත කිරීම සඳහා පමණයි.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයට සහභාගීවීම සඳහා ඔස්ට්‍රේලියාවේ ගොස් සිටියදී පසුගිය ඔක්තෝබර් 06දා ධනුෂ්කව සිඩ්නි හිදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, තරුණියගේ කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියා සිදුකිරීම ඇතුලු චෝදනා 04 ක් යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් මෙම චෝදනා ගොනු කර තිබුණි.

නඩුව වැඩිදුර විභාගය අප්‍රේල් 27දා යළි කැඳවනු ලැබේ.

Trending

Exit mobile version