ක්‍රීඩා

ධනුෂ්කට 2වැනි පාර තවම ඇප ඉල්ලලා නෑ; ඩොලර් ප්‍රශ්නයක්!

Published

on

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති ආචාර්ය චානක සේනානායක මහතා පවසයි.

ඇප ලබාගැනීමට අදාළ මුදල සොයාගැනිමේ දුෂ්කරතාවකට ක්‍රිකට් ආයතනය මේ වන විට පත්ව ඇති බවට වාර්තා වන බව ඔහු කියා සිටී.

නව නීතිඥ මණ්ඩලය විසින් නඩු විභාගයකින් තොරව මෙය සමථයකට පත් කර ගැනීමට ද උත්සාහ දරන බව ආචාර්ය චානක සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version