ක්‍රීඩා

ධනුෂ්ක හෙට යළිත් ක්‍රිකට් පිටියට

Published

on

සිංහල  ක්‍රීඩා සමාජය (SSC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරඟ ක්‍රීඩා කිරීමට අවසර ලබාදී තිබේ.

මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ධනුෂ්ක ගුණතිලක හෙට (23) සිට එක්වීමට නියමිතය.

2022 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කට එරෙහිව මෙම ක්‍රිකට් තහනම පැනවිණි.

එහෙත් පසුව ඔස්ට්‍රේලියාවේදී පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඔහුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

ධනුෂ්කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ තහනම මීට මාස කීපයකට ඉවත් කළ ද එස්.එස්.සී. පනවා තිබූ තහනම මේ දක්වා ඉවත්කර නොතිබුණි.

Trending

Exit mobile version