ක්‍රීඩා

“නයිට් ක්ලබ් ගියා නම් ඔප්පු කරල පෙන්නන්න”

Published

on

මෙවර T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බව පවසන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙස තමා  ඕනෑම අයෙකුට අභියෝග කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කලේය.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිදු අත්දැකීම් නොමැති අය සමාජ මාධ්‍ය තුල ක්‍රීඩකයන් විවේචනය කරමින් ,මඩගැසීම නිවැරදි ක්‍රියාවක් නොවන බවය.

තරඟ පරාජය වීමත් සමඟ කවුරුන්හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිකට් අවසන් බව ප්‍රකාශ කරන්නේ නම් නවසීලන්තයේ ක්‍රිකට්ද මේ වන විට අවසන් විය යුතු බව හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා,

“අපේ හිටපු අමාත්‍යවරයෙක් මං දැක්කා කියනවා අපේ කණ්ඩායම රාත්‍රී 12ට කොහෙදෝ එළියට ගිහිල්ලා තමයි අනිත් දවසේ ප්‍රැක්ටිස් එකට අවේ කියලා… අමෙරිකවේ. මේක ඔප්පු කරන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට. නයිට් ක්ලබ් එකක හෝ පාටි එකක මේ ක්‍රීඩකයෝ මේ ටුවර් එක තුළ හිටියා කියලා. එහෙම කළොත් මම ඉල්ලා අස් වෙනවා. රටක් හැටිය දරුවන්ට උදව් කරන ඕනේ. මම දකින්නේ නෑ… සෝෂල් මීඩියා තුළ මඩ ගහලා, ජිල් බෝලයක්වත් ගහපු නැති උන් කතා කරන එක හරි කියලා.”

Trending

Exit mobile version