ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 182 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක දී කඩුලු 6 දැවී ලකුණු 183ක් ලබා ගත්තේය.
ඒ අනුව, තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය, 2-1ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.