ක්‍රීඩා

නවසීලන්ත සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි !

Published

on

නවසීලන්තයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.

කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්නට පවරා ඇති අතර නවක ක්‍රීඩකයින් ලෙස දකුණත් පිතිකරු නිෂාන් මධුෂ්ක සහ වේග පන්දුයවන ක්‍රීඩක මිලාන් රත්නායක කණ්ඩායමට කැඳවා ඇත.

කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ද සංචිතයට ඇතුළත්ව සිටිති.

ඕෂද ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු මෙම සංචිතයට එක්ව ඇති සෙසු ක්‍රීඩකයෝ වෙති.

කණ්ඩායම එළැඹෙන 27 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

තරගාවලිය මාර්තු 9 වැනිදා ක්‍රයිෂ්චර්ච් හීදි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Trending

Exit mobile version