Connect with us

ක්‍රීඩා

නවසීලන්ත 85KG රග්බි පිල ශ්‍රී ලංකාවට

Published

on

නවසීලන්ත 85kg අඩු රග්බි පිල පසුගිය අප්‍රේල් 30 වැනි දින ලංකාවට පැමිණි අතර ශ්‍රීලංකාව හා නවසීලන්තය අතර තරඟය (මැයි 04) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

දෙවන තරගය කොලබ තුරඟ තරඟ පිටියේ දී ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත .

පසුගිය දා පැවැති මැලේසියා තරඟය මෙහෙය වූ නයිජල් රත්වත්තේ විසින් ම මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු කණ්ඩායමේ නායකත්වය ජෙරඩ් පර්සිවල් වෙත හිමි ව තිබේ.

නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස නගායි වෝකර් ද, කළමනාකරු ලෙස ග්‍රාන්ට් විල්සන් ද කටයුතු කරති.

නවසීලන්ත පිල 85 ට අඩු බර අඩු වුවද ලංකා පිලට එවැනි තහනමක් නොමැති අතර ශ්‍රී ලංකා පිලේ ‘ස්ක්‍රම්’හි ක්‍රීඩාකරන ක්‍රීඩකයින් කිලෝග්‍රෑම් 105ට අඩු බරකින් යුතු ක්‍රීඩකයන් විය යුතු ය. එම සීමාව භාවිත වන්නේ ද එයට සහභාගී වන නවසීලන්ත ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.

ආසියානු කලාපයේ මේ වන විට මෙම කාණ්ඩයේ රග්බි තරග නොපැවැත්වෙන පසුබිමක ශ්‍රී ලංකා ප්‍රධාන පෙළේ රග්බි පිල සමග තරග වැදීමට නවසීලන්ත රග්බි ආයතනය සිය ක්‍රීඩකයන් සහභාගී කරවීමට ඉදිරිපත් වීම ද විශේෂත්වයකි.

මෙම තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය

නයිජල් රත්වත්තේ (නායක), විමුක්ති ගමගේ, ශාමික කෞෂාන්, තනුජ ජයවීර, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිල්ලර්, ලහිරු තිලකරත්න, දහන් වික්‍රමාරච්චි, මොහොමඩ් රිෆාන්, කවිඳු පෙරේරා, හිරන්ත පෙරේරා, ශාහිඩ් සුම්රි, ජයතු රාජරත්න, පසිඳු බණ්ඩාර, වෙනුර කෝදාගොඩ, ජනිදු ප්‍රනාන්දු, හෆීස් තබීත්, සෙනුර පෙරේරා, චතුර සොයිසා, දිනේෂ් ද සිල්වා, සුදේශ් ජයවික්‍රම, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නිරෝෂ් පෙරේරා, තේනුක නානායක්කාර, ජනිදු දිල්ශාන්, මුර්ශිද් දොරේ, දුලාජ් නවෝද්‍ය, ධනුෂ්ක රන්ජන්, ඩිනල් ඒකනායක, පුලස්ති දසනායක, හේෂාන් ජැන්සන්, යෙහාන් බුලත්සිංහලගේ, ලසිඳු කරුණාතිලක, තරිඳු චතුරංග, ප්‍රිමේෂ් ධනුෂ්ක

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදී දස්කම් පෙන්වයි

Published

on

By

ජර්ම­නියේ ඇන්හෝ­ල්ට්හිදි පැවති 27 වැනි අන්ත­ර්ජා­තික මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තර­ග­ය­කදී යුපුන් අබේ­කෝන් තත්පර 10.18ක කාල­යක් වාර්තා කර­මින් ඔහුගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හන් ක‍ළේය.

මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ටෝකියෝ හි පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ මීටර් 100 පරි­සා­ධන මට්ටම තත්පර 10ක් වේ.

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

Published

on

By

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර සමත් විය.

බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

හයේ පහරක් හා හතරේ පහර 13කින් සිය ඉනිම හැඩකළ පැතුම්, මේ වනවිට පන්දු 138කට මුහුණ දී ලකුණු 101ක් රැස්කරගෙන සිටියි.

පැතුම් සමගින් කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 2වන කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 44කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 181ක් රැස්කරගෙන බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 314ක් පසුපසින් සිටියි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ළහිරු උදාර දැවීගිය අතර, පැතුම් සමගින් ඉනිම ඇරඹූ ඔහු 29ක් රැස් කළේය.

ළහිරු මෙම තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 495ක් රැස්කිරීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved