ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය – රොෂාන් රණසිංහ මහතා තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (03) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මේ බව දැනුම් දුන්නේ, අදාළ තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින් ගොනු කළ රිට් පෙත්සම කැදවූ අවස්ථාවේදීය.
ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම් දීම සඳහා පෙත්සම මේ මස 06 වැනිදා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.