ක්‍රීඩා

නිල් මහ සටන අද ඇරඹෙයි

Published

on

කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර ‘නිල් මහා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (06) ආරම්භ වේ.

තුන්දින තරගයක් වන මේ තරගය හෙට (07) හා අනිද්දා (08) ද පැවැත්වේ.

ලොව පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරග අතුරින් දෙවැනි ස්ථානයට හිමිකම් කියන කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 146 වැනි වරටයි.

1879 වසරේ ආරම්භ වූ මෙම තරගය ලොව මෙතෙක් අඛණ්ඩව පවත්වනු ලැබූ එකම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය වීම ද විශේෂත්වයකි.

මෙම තරගය ඩී.එස් සේනානායක අනුස්මරණ පලිහ වෙනුවෙන් පැවැත්වෙන අතර රාජකීයයන් එය ජයගෙන ඇති අවස්ථා සංඛ්‍යාව 36කි.

ශාන්ත තෝමස් විද්‍යාලය අවස්ථා 35කදී එය තමන් සතු කරගත්තේ ය.

Trending

Exit mobile version