ක්‍රීඩා

නිෂාන් මධුෂ්කට ටෙස්ට් වරම්

Published

on

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී අද (17) පෙරවරුවේ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, මෙම තරගයට යොවුන් පිතිකරු නිෂාන් මධුෂ්ක නම් කර තිබේ.

නිෂාන්, ටෙස්ට් වරම් ලබන්නේ ශ්‍රී ලංකාවේ 163 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.

ඔහු පළමු තරගයේදී අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල වෙනුවට ක්‍රීඩා කිරීමට නියමිතය.

මොරටු මහා විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන 23 හැවිරිදි නිෂාන්, මෙම තරගයේදී කඩුලු රකින්නා ලෙස ද කටයුතු කරයි.

ඇන්ජලෝ මැතිව්ස් විසින් නිෂාන්ට නිල වශයෙන් ටෙස්ට් හිස්වැස්ම පිරිනැමීය.

Trending

Exit mobile version