Connect with us

ක්‍රීඩා

පස්වසරක් නොපැවැත්වු ජනාධිපති ක්‍රීඩා සම්මාන අගෝස්තුවේ

Published

on

වසර පහක් මුළුල්ලේ නොපවත්වන ලද ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. 

අවසන් වරට ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වූයේ 2019 දී මයිත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස කටයුතු කරද්දීය.  

ඒ වන විට ක්‍රීඩා ඇමතිවරයා ලෙස කටයුතු කළේද වත්මන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාමය. 

ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කරද්දී නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමති ලෙස සිටියදීත් මෙම ක්‍රීඩා සම්මාන උළෙල නොපවත්වන ලදී. 

එතෙක් පැවැති ජනාධිපති සම්මාන උළෙල වල ජූරියේ සභාපති හා සංවිධායක ලෙස කටයුතු සමන් අමරසිංහ මහතාගේ අභාවයෙන් පසු මේ දක්වා මෙම සම්මාන ප්‍රධානය පැවැත්වීමට නොහැකිව තිබුණු අතර නලින් ආටිගල මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජූරියක් මගින් 2021,2022,2023 වසර වල ජනාධිපති සම්මාන ලාභීන් තෝරා ගෙන ඇත. 

 මේ අතර කලින් තෝරාගෙන තිබුණු 2019 වසරේ සම්මාන ලාභීන්ටද, මෙහිදී සම්මාන පිදීමට නියමිත අතර කොවිඩ් හේතුවෙන් ක්‍රීඩා තරග නොපැවැත්වූ 2020 වසරේ කිසිවකුට සම්මාන නොලැබෙනු ඇත.

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved