ක්‍රීඩා

පස්වැනි වරටත් IPL කිරුළ ‌චෙන්නායි සුපර් කිංග්ස්ට!

Published

on

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිරුළ ‌ පස්වැනි වරටත් දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (29) සමත්විය. ඉකුුුත් තරගාවලියේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව කඩුළු 5 කින් පරදා චෙන්නායි සුපර් කිංග්ස් පිල ‌මෙසේ ශූරතාව දිනා ගත්තේය.

චෙන්නායි මීට පෙර 2010, 2011, 2018 හා 2021 යන වර්ෂවලදී අයි.පී.එල්. ශූරතා හිමිකරගැනීමට සමත් විය. 

කෙසේ වෙතත් ඔවුන් හිමිකරගත් ශූරතා සියල්ල ලබා ගත්තේ එහි වත්මන් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ වීම විශේෂත්වයකි.

අහ්මදාබාද්හි පැවිති තරගයේ ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 15 කදී ලකුණු 171 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි ක්‍රීඩකයේ සිය පන්දුවාර 15 තුළ කඩුළු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

එහිදී ඩෙවන් කොන්වේ ලකුණු 47 ක්ද ශිවම් ඩුබේ පන්දු 21 කදී නොදැවී ලකුණු 32 ක්ද  රැස් කළහ. 

පන්දු යැවීමේදී ගුජරාට් වෙනුවෙන් මෝහිත් ෂර්මා කඩුළු 3 ක් දවා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ක්‍රීඩකයෝ සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක්දැවී ලකුණු 214 ක් රැස් කළහ.

එහිදී සායි සුදර්ශන් පන්දු 47 කදී ලකුණු 96 ක් රැස් කලේය. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ කඩුළු 2 ක් දවා ගත්තේය.

Trending

Exit mobile version