සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.
එංගලන්තයේ මැන්චෙස්ටර්හිදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව, 236කි.
ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු සංඛ්‍යාව 326ක් ලබාගත්තේය.
පන්දු 183 කදී ලකුණු 113ක අගනා ශතකයක් රැස් කළ කමිදු මෙන්ඩ්ස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කශේරුව බවට පත් විය.
දිනේෂ් චන්දිමාල්, පන්දු 119 දී ලකුණු 79ක් රැස් කරමින් ශ්‍රී ලංකා දෙවැනි නිම තවදුරටත් ශක්තිමත් කළේ ය.
ඒ අනුව ලකුණු 205 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, පන්දුවාර 57යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී තිබියදී තරගය ජය ගැනීමට සමත් විය.
ජෝ රූට් නොදැවී ලකුණු 62 ක් රැස් කිරීමට සමත් විය.
අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.
ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ, තරග 1ට 0ක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවේ.