අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.
ප්‍රසාද ලකුණු 721ක් ලබාගනිමින් ඔහු, 13 වන ස්ථානය දක්වා ස්ථාන 06ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
එසේම ඔහු අප්‍රේල් මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීමේ නිර්දේශිත නාම ත්‍රිත්වය තුළට ද ඇතුළත් කර ඇත.
මේ අතර, රමේෂ් මෙන්ඩිස් ද එහි ප්‍රසාද ලකුණු 626ක් හිමිකරගෙන ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 22 වන ස්ථානයේ රැඳී සිටියි.