2022 ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පාකිස්තානය අද (09) සමත් විය.
ඒ, නවසීලන්තයට එරෙහිව අද (09) පැවැති තරගයේ කඩුලු 07කින් ජය ගනිමිනි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණු අතර, කඩුලු 04ක් දැවී ලකුණු 152ක් රැස් කළේය.
ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් පන්දුවාර 19යි 01ක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.