ක්‍රීඩා

පාකිස්තානු ක්‍රිකට් පිලට හමුදා පුහුණුවක්

Published

on

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ව එරට යුද හමුදාව විසින් මෙහෙයවන දින 10ක විශේෂ පුහුණු කඳවුරකට යොමු  කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඉදිරි ජාත්‍යන්තර තරගාවලි වලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත.

මාර්තු 25 – අප්‍රේල් 08 දක්වා පැවැත්වෙන මෙම පුහුණු කඳවුර පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය අවසන් වී සතියක පමණ කාලයකින් ඇරඹේ.

ඊයේ දින ඉස්ලාමාබාද් හි පැවති මාධ්‍ය හමුවකදී පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති – මොහ්සින් නක්වි මහතා මේ බව නිවේදනය කර තිබේ.

මෙම පුහුණු කඳවුරෙන් අනතුරුව සය මසක් පුරාවට දිගින් දිගටම ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට නියමිතව තිබීමෙන් විවේකය අහිමි වීමත්, එම පුහුණුව පැවැත්වෙන්නේ රාමසාන් උපවාස සමය තුළදී වීමත්, මෙම තීන්දුව ජනප්‍රිය තීන්දුවක් නොවනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් නක්වි මහතා පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් හට පවසා ඇත්තේ පන්දුවාර විස්සයි 20 තරගාවලි වලට වඩා සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔවුන් වැඩි ප්‍රමුඛත්වයක් දිය යුතු බවයි.

Trending

Exit mobile version