ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සදහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (09) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
පකිස්තාන ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙසේ පැමිණ තිබේ.
ඔවුන් අද (09) උදෑසන 09.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ දී මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිතය.
මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේ දැඩි රැකවල් යොදා තිබිණි.