2023 -2025 ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම, ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජූලි 09දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
පළමු තරගය ජූලි 16දා හා දෙවැනි තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටයේදී ද, දෙවැනි තරගය ජූලි 28දා කොළඹ SSC පිටියේදීද ආරම්භ වීමට නියමිතය.
මීට අමතරව ජූලි 11-12 දෙදින තුළ පුහුණු තරගයක් ද පැවැත්වෙනු ඇත.