ක්‍රීඩා

පාකිස්ථානය ආසියාවේ නැගී එන ශූරයින් වෙයි

Published

on

පකිස්ථාන A කණ්ඩායම නැගී එන කණ්ඩායම් අතර ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඊයේ (23) සමත් විය.

අවසන් මහා තරගයේදී ඉන්දීය A කණ්ඩායම ඔවුන් හමුවේ ලකුණු 128කින් පරාජයට පත් විය.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙවර නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් විණි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන A කණ්ඩායම වෙනුවෙන් තයබ් තාහීර් ලකුණු 108ක් ලබා ගත්තේය.

පකිස්ථාන A කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 352ක් රැස් කිරීම විශ‌ේෂිතය.

ලකුණු 353ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය A කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 224ක් පමණි.

වීඩියෝ

Trending

Exit mobile version