ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයගැනීමට බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් සමත් වී තිබේ.
අවාමි ලීගය ඔස්සේ ඔහු බංගලාදේශ මහා මැතිවරණයට තරග කර තිබුණි.
කෙසේවෙතත්, 36 හැවිරිදි ශකීබ් සිය ජයග්‍රහණය වාර්තා කර වැඩි කලක් යාමට පෙර පුවත් සිරස්තල වල මාතෘකාවට පත් වී තිබේ.
ඒ, රසිකයෙකුට කම්මුල් පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යාමත් සමගයි.
විශාල පිරිසක් මැද සිටින ශකීබ්, හදිසියේම හැරී තමාට පිටුපස සිටි පුද්ගලයෙකුට වැරෙන් කම්මුල් පහරක් එල්ල කරන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ.
කෙසේවෙතත්, මෙයට හේතුව තවමත් නිල වශයෙන් වාර්තා වී නොමැත.සිය හැසිරීම සම්බන්ධයෙන් ශකීබ් ආන්දෝලනයට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.