ක්‍රීඩා

පැතුම් නිස්සංකත් බංගලාදේශ සංචාරයෙන් ඉවතට

Published

on

බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල‍ේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමිවනු ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ අනුව ඔහුට එම සංචාරයේ ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි-20 යන කිසිදු තරගයකට සහභාගිවීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි පැවසේ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගියදා මෙරට පැවැති අවසන් පන්දුවාර විසිසයි-20 තරගයේදී ආබාධයකට ලක්වීම හා එම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට මසක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකිවීම නිසා මේ තත්ත්වය ඇතිව තිබේ.

මේ අතර, ඇෆ්ගන් එක්දින තරගාවලියේ පළමු තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරට ද එම තරගාලිය අහිමිවී ඇති අතර ඔහු වෙනුවට එම ස්ථානයට අසිත ප්‍රනාන්දු කැඳවීමට මේවන විට තීරණය කර තිබේ.

බංග්ලාදේශයට එරෙහිව පළමු විස්සයි20 තරගය ලබන මාර්තු මස 4 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරග දෙකක තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක වනිඳු හසරංගට ද මේ අනුව විස්සයි 20 තරගාවලියේ තරග දෙකක් අහිමිවීමට නියමිතය.

Trending

Exit mobile version