අද (06) ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 08කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
මුලින් ලකුණු රැස් කළ සංචාරක ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් රැස්කළ නමුත්, පන්දු 11ක් තිබියදී කඩුලු 02ක් පමණක් දැවී මෙම ඉලක්කය කරා පහසුවෙන් යාමට බංග්ලාදේශ පිලට හැකිවිය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ බංග්ලාදේශ නායක නජ්මුල් නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තේය.
සිව්වන පන්දුවාරයේ බිනුර යොමුකළ පළමු පන්දුව සෞම්‍ය සර්කාර්ගේ පිත්තේ ගෑවී කඩුලු රකින කුසල් මෙන්ඩිස් රැකගත් අතර, සර්කාර් දැවීගිය බවට පිටියේ විනිසුරුවරයා නම් කර තිබුණි. කෙසේවෙතත්, බංග්ලාදේශ පිල විසින් මෙම තීන්දුව තෙවැනි විනිසුරුවරයාට යොමුකිරීමෙන් අනතුරුව ඔහු නොදැවුනු ක්‍රීඩකයෙක් ලෙසට නම් කෙරුණි. Ultra edge තාක්ෂණය හරහා එය දැවී යාමක් බවට තහවුරු වීමත් සමග තුන්වන විනිසුරුවරයාගේ මෙම තීන්දුව විශාල ආන්දෝලනයක් ඇති කළේය.
මේ අනුව, ශ්‍රී ලංකා පිල සහ සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-1 ලෙස සමව පවතියි.