ක්‍රීඩා

බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

Published

on

බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (18) සමත් විය.

ඒ, දෙරට අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලු 4 ක පහසු ජයක් ලැබීමත් සමගිනි.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී ලකුණු 235ක් රැස්කර ගෙන තිබුණි. මෙහිදී ජනිත් ලියනගේ සිය මංගල එක්දින ශතකය රැස් කිරීමට සමත් විය.

කෙසේවෙතත්, පන්දුවට පහරදීමට පසුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 3කදී කඩුළු 6ක් දැවී ලකුණු 237ක් රැස්කර ගෙන තරගාවලියේ ජය තහවුරු කිරීමට සමත් විය.

Trending

Exit mobile version