Connect with us

ක්‍රීඩා

 බංග්ලා ටයිගර්ස් ලංකා T10 සුපර් ලීග් කිරුළ දිනාගනියි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලැබූ ‘ලංකා T10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්විය.

ඒ මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින්.

ජැෆ්නා ටයිටන්ස් ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසනදී කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස්කිරීමට සමත් විය.

මොහොමඩ් ෂෙසාඩ් සහ ෂෙවොන් ඩැනියෙල් ලකුණු 26 බැගින් රැස් කළ අතර, නායක දසුන් ශානක පන්දු 10කදී ලකුණු 21ක් රැස්කිරීමට සමත් විය.

පන්දුයැවීමේදී ට්‍රෙවින් මැතිව් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තේය.

කෙසේ නමුත් ලකුණු 133ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10දී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි.

ටොම් අබෙල් නොදැවී ලකුණු 54ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

පන්දු යැවීමේදි රිචඩ් ග්ලීසන් ලකුණු 21කට කඩුලු 3ක් සහ නායක දසුන් ශානක ලකුණු 4ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

ඒ අනුව අවසන් තරගය ලකුණු 26කින් ජයගත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමු වරට පැවැත් වූ ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ශූරතාව සිය දෝතට ගත්තේය.

දින 9ක් පුරා කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02)  පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස් ය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් ය.

අද තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved