බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් 07 දෙනෙකු ඇතුළත් වී සිටියහ .
එහිදී ඔවුන් එළඹෙන 15, 18 සහ 21 දින පැවැත්වෙන එක් දින සීමිත ඕවර් තරග තුනක් සදහා සහභාගී වීමට නියමිත අතර එම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය .
මීට අමතරව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවත් විස්සයි විස්ස තරග 03 ක් එළඹෙන 24 , 26 සහ 28 දින වල පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ද මෙම බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිතය .