ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග සදහා ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.
දෙවන එක්දින තරගය අතරතුර ඔහු පාදයේ ආබාධයකට ලක්වු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී.
ආබාධ තත්ත්වය සුව අතට පත්නොවීම හේතුවෙන් ඩිල්ෂාන් මධුෂංක තෙවන තරගයට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය පැවසීය.
දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට (18) පැවැත්වීමට නියමිතය.