හෙට (17) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරඟයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගි නොවන අතර ඒ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.
පාකිස්ථානය සමඟ පසුගියදා පැවති තරඟයේදී ආබාධයට වූ මහේෂ් තීක්ෂණ ඊයේ (15) දින වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසුව ඔහුට විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇත.
පසුගියදා පැවති තරඟයේ පන්දු රකිමින් සිටියදී මොහු දකුණු පාදයේ ආබාධයට ලක් විය.