ක්‍රීඩා

මහ බැංකුවේ මහ පඩි ලෙඩේ පාපන්දුවටත් බෝවෙලා

Published

on

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය කාර්ය මණ්ඩලයට දැවැන්ත වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට සුදානම් වන බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

ඒ අනුව සියයට එකසිය දාහතරක (114%) ක උපරිමයක් දක්වා වූ වැටුප් වැඩිවීමක් සඳහා කෙටුම්පත් සැකසී ඇතත් අදාළ වැටුප් වැඩිකරන ප්‍රමාණ තීරණය කර ඇත්තේ කුමන පදනමකින්ද යන්න කාර්ය මණ්ඩලයේ මෙන්ම ක්ෂේත්‍රයේ බහුතරයකට ගැටලුවක් වී ඇතැයි ද පැවසේ.

එසේම වත්පන් පාපන්දු පරිපාලනය මේ දක්වා මූල්‍ය කමිටුවක් හෝ පරිපාලන කමිටුවක් පත්කර නොමැතිව තිබියදී (අදාළ කමිටුවල නිර්දේශයන්ගෙන් තොරව) මෙවැනි වැටුප් වැඩිවීමක් සිදුකළහොත් එහි නිත්‍යානුකූලභාවයද අභියෝගයට ලක්වන බව වාර්තා වේ.

මෙය පාපන්දු සම්මේලනයේ ඒකාධිකාරි රංගනයක යෙදෙන ප්‍රබලයකුගේ අවශ්‍යතාව මත යෝජනා වී ඇති වැටුප් වැඩිවීමක් බවත්, එහිදී සියයට 60ද ඉක්මවන අන්දමේ වැඩිම ප්‍රතිශතයෙන් වැටුප් වැඩිවීම් යොජනා වී ඇති (රුපියල් දෙලක්ෂ පනස්දහස ඉක්මවන වැටුප් යෝජනා වී ඇති) බහුතරය එකී ප්‍රබලයාගේ හිතෛශිවන්තයන් බවද පැවසේ.

කෙසේ වෙතත් මෙම යෝජිත වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පාපන්දු පරිපාලනයේ ඉහළ පුටු අතර මෙතෙක් එකඟතාවක් නොමැති බවද වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්:
අද කවුරු දිනුවත් පාපන්දුව පරාදයි 
ජස්වර්ගේ කෙළි හෙළිවෙයි; මිලියන 12ක බෝල ආගිය අතක් නෑ 

පාපන්දුවේ බලය ගන්න ජස්වර් – දක්ෂිත සටනේ

Trending

Exit mobile version