Connect with us

ක්‍රීඩා

මාතර පොල්හේනේ ග්‍රවුන්ඩ් එක ගැන රොෂාන්ගෙන් ඉල්ලීමක්

Published

on

මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි විමසා බැලීමක් සිදු කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම පවසයි.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පසුගියදා පැවැත්විය.

එහිදී තීරණය කෙරුණේ ඊට අවශ්‍ය මූලික කටයුතු මාසයක් තුළ නිම කිරීමටය.

එවන් පසුබිමක ජාතික ක්‍රීඩා සභාවේ සමාජිකයෙකු මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ මෙවැනි මෙගා ව්‍යාපෘතිවල පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායන් පිළිබඳ ප්‍රශ්න කළ යුතු බවය.

වර්තමානයේ අවශ්‍යතාව වන්නේ නව ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා මුදල් වැය කිරීම නොව පාසල් ළමුන්ගේ ක්‍රිකට් කුසලතා වැඩිදියුණු කිරීමට දැනට පවතින පහසුකම් වැඩි දියුණු කිරීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව රොෂාන් මහානාම පෙන්වා දෙයි.

සබැඳි පුවත්

ක්‍රීඩා

කුසල් මෙන්ඩිස්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් කැඳවීමක්

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්ලේ-ඕෆ් වටයේ තරග ක්‍රීඩාකිරීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් කැඳවා ඇත.

එංගලන්ත පිතිකරු මෙන්ම කඩුලු රකින්නා වන ජොස් බට්ලර් වෙනුවට මෙන්ඩිස්ට මෙම කැඳවීම ලැබී තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති යුද අවදානම හේතුවෙන් හදිසි තීරණයක් ගනිමින් මෙම තරගාවලිය පසුගිය 9වනදා සිට සතියක කාලයකට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI)කටයුතු කළේය.

ඒ අනුව තරගාවලිය එළැඹෙන 17වනදා සිට යළි ක්‍රියාත්මක වේ.

IPL තරගාවලිය නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වූ හෙයින් ජොස් බට්ලර්ට බ.ඉ. කොදෙව්වන්ට එරෙහි සීමිත පන්දුවාර තරගාවලිය ක්‍රීඩාකිරීමට සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට සිදුවේ.

ඒ හේතුවෙන් ටයිටන්ස් පාලනාධිකාරිය විසින් මෙලෙස මෙන්ඩිස්ට මෙම කැඳවීම සිදුකර ඇත.

එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ එංගලන්ත – බ.ඉ. කොදෙව් සීමිත පන්දුවාර තරගාවලිය මැයි 29වනදා ආරම්භවීමට නියමිතව ඇත.

IPL තරගාවලියේ අවසන් වටයේ තරග  ජූනි 3වනදා දක්වා පැවැත්වේ.

කෙසේ නමුත් බට්ලර් යළි එංගලන්තය බලා පිටත්ව යාමට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩාකරන මූලික වටයේ ඉතිරි තරග තුන ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.

මේ අතර ඉන්දු – පාකිස්තාන අර්බුධය හේතුවෙන් පාකිස්තානු සුපර් ලීග් (PSL) තරගාවලියද කල්දැමීමට සිදු වූ අතර, ඒ වනවිට මෙන්ඩිස් ක්වෙටා ග්ලැඩියේටර්ස් වෙනුවෙන් ක්‍රීඩාකරමින් සිටියේය.

කෙසේ නමුත් මෙන්ඩිස්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ලැබුණු කැඳවීමත් සමග ඔහු  PSL අවසන් අදියර ක්‍රීඩාකිරීම සඳහා පාකිස්තානයට යළි නොයනු ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස “පුබුදු” පත්වේ

Published

on

By

ශ්‍රී ලංකා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

මෙම තනතුරේ මීට පෙර කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝ ය.

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව එක්ව සත්කාරකත්වය දැරූ ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය.

ඒ අනුව පුබුදු දසනායකට මෙම තනතුර හිමිව ඇත.

ඔහු අමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වේ.

54 හැවිරිදි පුබුදු දසනායක මීට පෙර 2016 සිට 2019 දක්වා වසර තුනක කාලයක් එම තනතුර දැරීය.

එම කාලය තුළ දසනායක අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් සඳහා එක්දින වරම් හිමිකර ගැනීමට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයක් ඇති කිරීමට දායක විය.

එළැඹෙන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානය තරගාවලිය සඳහා අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම දැනටමත් සුදුසුකම් ලබා ඇති හෙයින්, තවත් අන්තර්ජාතික තරගාවලි වලදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සිය දායකත්වය ලබා දීමට පුබුදු දසනායක බලාපොරොත්තුවෙන් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුබුදු දසනායක පවසා ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපද පිරිමි ජාතික කණ්ඩායමට නැවත පැමිණීමට සහ නායකත්වය දීමට ලැබීම තමන්ට ගෞරවයක් බවත් මීට පෙර තමන්ගේ මෙහෙයවීම යටතේ ලබා ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් ආඩම්බර වන අතර, ඉදිරියේදී  ඊටත් වඩා ඉහළ මට්ටමකට ළඟා වීමට කැපවීමෙන් කටයුතු කරන බවය.

පුබුදු දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

PSL තරගාවලියත් යළි ඇරඹේ

Published

on

By

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 17දා යළිත් ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25දා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අත්හිටුවන විට එහි ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණේ තවත් තරග 08ක් පමණි.

ඉන්දු පකිස්තානු ගැටුම් හමුවේ නතර කෙරුණු ඉන්දියාවේ IPL තරගාවලියද යළි ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

IPL යළි ඇරඹෙන දිනය?

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved