බංග්ලාදේශ තරඟයේදී තමා පන්දුවට මුහුණදීම ආරම්භ කිරීමට ලැබෙන උපරිම කාල සීමාවට තත්පර 05කට පෙර සීමා ඉරට පැමිණ සිටි බව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ඇන්ජලෝ මැතිව්ස් අවධාරණය කර සිටියේය.
කෙසේවුවද, එම අවස්ථාවේදී තමාට මුහුණදීමට සිදුවූ හෙල්මටය සම්බන්ධ අකරතැබ්බය පිළිබඳව විනිසුරුවන් දැනුවත්ව නොසිටි බව තම පුහුණුකරුවන්ට විනිසුරුවරු පවසා ඇතැයි ද ඔහු එහිදී හෙළිකළේය.
කෙසේවෙතත් මෙම සිදුවීම තුළ විනිසුරුවන් කටයුතු කළ ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහට ලක්වී ඇති අතර විනිසුරුවන්ගේ මෙම නොසැලකිලිමත්භාවය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගන්නා තීන්දුව කුමක්දැයි ද ඇතැම් සමජ මාධ්‍ය විමසා සිටී.
මැතිව්ස් සහභාගි වූ මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්
වීඩියෝ අනුග්‍රහය – නිවුස්ෆස්ට්