ක්‍රීඩා

මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.

ඒ අනුව ඇය මෙම සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙය වීමත් විශේෂත්වයකි.

මෙවර දක්ෂතම ක්‍රීඩිකාවන් සඳහා ස්කොට්ලන්තයේ කැත්‍රයන් බර්සි සහ එංගලන්තයේ සොෆී එක්ල්ස්ටෝන් යන අයගේ නම් යෝජනා වී තිබුණි.

චමරි අතපත්තු පසුගිය වසරේ සැප්තැම්බර් මස ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනාගත්තාය.

මැයි මාසයේ දී තරග හතරකට ක්‍රීඩා කළ ඇය එහි දී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 151කි. එහි සාමාන්‍ය අගය 37.75ක් වේ.

එහි දී ඇය විසින් කඩුලු 06ක් දවා ගැනීමටයි සමත් වූවාය.

Trending

Exit mobile version