ක්‍රීඩා

යුපුන්ට ආබාධයක්

Published

on

වෛද්‍ය උපදෙස් මත තමාට සති කිහිපයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වන බව ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පවසයි.

 නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ තමා පාදයේ සුළු ආබාධයකට ලක්ව ඇති බවත්, සැවෝනා හී පැවති තරගයෙන් පසු සිදු කළ MRI පරීක්ෂණයකින් පසුව මෙම උපදෙස් තමාට ලැබී ඇති බවත්ය.

මම මේ වන විට සිය භෞතික චිකිත්සක, වෛද්‍යවරුන් සහ කණ්ඩායම් සගයන් සමඟ සුව වීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත්, ඉදිරියේ පැවැත්වෙන තරග සඳහා පෙරට වඩා ශක්තිමත්ව සහභාගී වීමට බලාපොරොත්තු වන බවයි.

යුපුන්, පසුගියදා සැවෝනා නුවර දී පළමු මීටර් 100 තරගය සඳහා සහභාගී වී දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන් අබේකෝන් එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ එකම සහ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ද වේ.

Trending

Exit mobile version