ක්‍රීඩා

යුපුන්ට ඩොලර් ලක්ෂයක්

Published

on

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස නම් දරා ඇති යුපුන් අබේකෝන් හට ඔහුගේ කුසලතා සංවර්ධනය කර ගැනීමට ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව පරිත්‍යාග කර තිබේ.

මෙහි දී ක්‍රීඩා අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත්, යුපුන් අබේකෝන් ක්‍රීඩකයාත් අතර ත්‍රෛයිපාක්ෂික ගිවිසුමකට අත්සන් තබා ඇත.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා , ධාවන ශූර යුපුන් අබේකෝන් සහ ඔහුගේ කළමණාකාර සංජය ගන්ලත් හා ඔහුගේ නීතීඥ රුවිනි සිල්වා සහභාගී වී ඇත.

Trending

Exit mobile version