ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
ඇමති ධූරයෙන් ඉවත් කර කැමති තීරණයක් ගන්නා ලෙස තමා එහිදී පැවසු බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පත්කළ කමිටුව නැවත අහෝසි කරන්නේ නැතැයි තමා එහිදී තරයේ පැවසූ බවද ප්‍රකාශ කළේය.
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද මේ අමාරුව කියන කියමන තමාට මේ අවස්ථාවේදී මතකයට එන බවද රණසිංහ මහතා පැවසීය.
කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් මේවන විට අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කර තිබේ.
සබැඳි පුවත්:
රොෂාන්ගේ ක්‍රිකට් අතුරු කමිටුව අධිකරණය අත්හිටුවයි