ක්‍රීඩා

ලංකාවට ඇෆ්ගන් හමුවේ අන්ත පරාජයක්

Published

on

පැතුම් නිශ්ශංක හා වනිඳු හසරංගගේ ඉනිම් අපතේ යවමින් ඇෆ්ගනිස්ථානය හා පැවති පළමු ඒක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 60 ක අන්ත පරාජයක් හිමිවිය.

තරග 3 කින් යුත් තරගාවලියේ පළමු තරගය ලෙස මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.

තරගයේ ඇෆ්ගනිස්ථානයෙන් ලැබුනු ලකුනු 295 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 38 ක් අවසානයේ ලකුනු 234 කට සියල්ලන්ම දැවී ගියේය.

පැතුම් නිශ්ශංක සිය එක්දින දිවියේ තෙවැනි ශතකය වාර්තා කරමින් ලකුනු 85 ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකා ඉනිම විනාශ කළ ෆසල්හක් ෆරූකි කඩුළු 4 ක් ද ගුලාබ්දීන් නායිබ් කඩුළු 3 ක්ද දවා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 294 ක් රැස් කළහ.

ඇෆ්ගනිස්ථාන ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 106 ක්ද රහ්මතුල්ලා ගුර්බාස් ලකුණු 53 ක්ද රහ්මත් ෂා ලකුණු 52 ක්ද රැස් කළහ.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ඇෆ්ගල් පිලේ කඩුළු 2 ක් බිඳහෙලීමට සමත් විය.

Trending

Exit mobile version