අද (25) පර්ත් හි දී පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතකින් පරාජයට පත්කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 06ක් දැවී ලකුණු 157ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු වශයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිල පන්දු 21 ක් ඉතිරිව තිබියදීම කඩුලු 03ක් පමණක් දැවී සිය ඉලක්කය කරා යාමට සමත් විය.
පන්දු 17 කින් අර්ධ ශතකයක් ලබාගත් මාකස් ස්ටොයිනිස් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.