Connect with us

ක්‍රීඩා

ලංකාවට ජපානයෙන් බේස්බෝල් උපකරණ පරිත්‍යාගයක්

Published

on

ජපානයේ හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට්බෝල් සංගමය වෙත පරිත්‍යාග කරන ලද බේස්බෝල් උපකරණ භාරදීමේ උත්සවයක් ඊයේ (25) තානාපති කාර්යාලයේ බෝල්රූම් ශාලාවේදී පැවැත්වුණි. 

මෙම මුලපිරීම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් ක්‍රීඩා හා සංස්කෘතික සබඳතා ඉස්මතු කරමින්, බේස්බෝල් ක්‍රීඩාව හරහා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරනු ලබයි.
හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලයේ බේස්බෝල් ක්‍රීඩාලෝලීන්ගේ හා එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ප්‍රජා සාමාජිකයින්ගේ ත්‍යාගශීලී දායකත්වයෙන් මෙම බේස්බෝල් උපකරණ එක්රැස් කරගෙන ඇත. ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට්බෝල් සංගමය සමඟ සහයෝගීතාවයෙන් යුක්තව, ශ්‍රී ලංකා පාර්ශවයෙන් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලද්දේ ආසියානු බේස්බෝල් සම්මේලනයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂ සුජීව විජයනායක මහතා විසිනි.    

හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලයේ සභාපති ආචාර්ය තොෂිහිරෝ වතනබේ, එහි උප සභාපති හරුමි අඕ, ජපානයේ ඉබරකි හි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කොන්සල් ජනරාල් ආචාර්ය සුනිල් ගමගේ, ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න සහ ආසියානු බේස්බෝල් සම්මේලනයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂ සුජීව විජයනායක යන මහත්වරුන් ඇතුළු ගෞරවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පවත්වන්ට යෙදුණි.

හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලයේ මෙම ත්‍යාගශීලී දායකත්වය ශ්‍රී ලංකාවේ බේස්බෝල් සංවර්ධනයට සහාය වීම, තරුණ ක්‍රීඩකයින්ට උපකරණ සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීම සහ ක්‍රීඩාවට ඇති සහභාගීත්වයක් දිරිමත් කිරීම අරමුණු කරයි. ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ජනප්‍රිය වෙමින් පවතින අතර, ජපානය එහි ව්‍යාප්තිය සඳහා සහාය වීමට කැපවී සිටී. (නිමි)

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved