තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අද (16) පැවැති අවසන් තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, රාජිත රාජකරුණා සහ පබසර නිකූ සහභාගි වූහ.
එම ඉසව්ව විනාඩි 03. තත්පර එකයි දශම 5යි6කින් නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම නව තරග වාර්තාවක් සහ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී රන් පදක්කම් 3ක් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් වුණි.
එය වාර්තා අතරට එක් වුණේ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියක ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙසය.
එම පදක්කම 8ත් සමග ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව්වන ස්ථානය දිනා ගත් අතර එය ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ පදක්කම සටහනක හිමිකර ගත් ඉහළ ම ස්ථානයයි.
සබැදි පුවත්
ලංකාවට රිදී පදක්කමක්!