ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අද (02) ඉවත්වීමට සිදුවිය.
තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල සත්කාරක ඉන්දියාව හමුවේ ලකුණු 302 ක දැවැන්ත පරාජයක් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 358 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 19.4 කදී ලකුණු 55 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
මෙම ලකුණු 55 ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියකදී ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකාව 1975 ලෝක කුසලාන තරඟාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 86 කට දැවීයාම මීට පෙර අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව ලෝක කුසලානයේ අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය.