ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ලකුණු 65ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද (29) සමත් විය.
එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කළේය.
ශ්‍රී ලංකාවට එරෙහිව ග්ලෙන් ෆිලිප්ස් ශතකයක් වාර්තා කිරීම මේ තරගයේදී කැපී පෙනුනි.
ඒ අනුව ජයග්‍රාහී ලකුණු 168 ඉලක්කය හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ දැඩි පසුබෑමකට ලක්ව පන්දුවාර 19.2 කදී ලකුණු 102කට සියලුදෙනා දැවී ගියේය.