ක්‍රීඩා

ලංකාවත් සුපිරි හයදෙනාගේ වටයට

Published

on

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත්ව ඇත.

A කාණ්ඩය යටතේ තරග වැදුණු බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් ද සුපිරි 6දෙනාගේ වටයට තේරීපත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕමානය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත් විය.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටය සිම්බාබ්වේ හිදී පැවැත් වේ.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇත.

Trending

Exit mobile version