ක්‍රීඩා

ලංකාවේ කවිෂි නවසීලන්තය වෙනුවෙන් පොදු රද මඩුලු බිමේ!

Published

on

ලබන 28 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ ශූරතාවේ කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ ඉසව්වෙන් නවසීලන්තය නියෝජනය කරන්නට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ක්‍රීඩිකාවක් තේරී පත්ව ඇතැයි වාර්තා වේ.

වනවිට 28 වැනි වියෙහි පසුවන කවිෂි කාරියවසම් මේ වරම ලබා තිබේ.

මීට වසර 10කට පමණ ඉහතදී උසස් අධ්‍යාපනය වෙනුවෙන් කවිෂි නවසීලන්තයට සංක්‍රමණය වී ඇති අතර පසුව වසර 4කට පමණ පෙර සවි එසවීමේ ක්‍රීඩාවට යොමුව තිබේ.

කවිෂි නවසීලන්තය නියෝජනය කරමින් තරග වදින පළමු ජාත්‍යන්තර තරගාවලියද මෙය වේ.

Trending

Exit mobile version