ක්‍රීඩා

ලංකාවේ ක්‍රීඩකයන් IPL වෙන්දේසියෙන් දොට්ට දාලා

Published

on

මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තාවකාලික තහනම හේතුවෙන් බව පැවසේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට රජයේ මැදහත්වීමක් සිදුවන බව පදනම් කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන තිබිණි.

ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත්, තහනමට අදාළ කොන්දේසි ඉදිරිපත් කිරීමටත් නියමිතව ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන 19 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචිවී ඇති බවද සඳහන් ය.

එසේ වුවත් අදාළ දිනය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තාවකාලික තහනම ඉවත් නොකළහොත්, අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව ද සඳහන්ය.

මූලාශ්‍රය – මව්බිම

Trending

Exit mobile version