සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තුන්වන විස්සයි විස්ස තරගය අද (18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.
තරග 1 – 1ක් වශයෙන් සමව ඇති තරගාවලියේ විසඳුම අද තීරණය වීමට නියමිතය.
ඒ අනුව තමන්ගේ රටේදීම සිම්බාබ්වේ වැනි කණ්ඩායමක් හමුවේ තරගාවලි පරාජයකට ලක්වීමේ අන්ත අවමානයෙන් ගැලවීමේ පීඩනය සහිතව ශ්‍රී ලංකාව අද තරගයට ප්‍රවිශ්ඨවීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද එක් වෙනස්කමක් පමණක් සිදු කරමින් ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර බොහෝදුරට සධීර සමරවික්‍රම හෝ කුසල් ජනිත් ඉවත් කොට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමේ ඉඩක් ඇත.