ක්‍රීඩා

ලංකාවේ රග්බි ගැන කතා කරන්න ආසියානු හා ලෝක රග්බි බලවතුන් ලංකාවට  

Published

on

ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය එළැඹෙන ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වේ.

ඒ, ඉකුත් සඳුදා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ලෝක රග්බි සම්මේලනයට යවන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමිනි.

රටේ රග්බි පරිපාලනයේ ගැටළු සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවත්, ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා යෝජනාවක අවශ්‍යතාව ගැනද කතා බහ කිරීමට බලාපොරොත්තු වන බවත් එම ලිපියේ දැක්වෙන බව පැවසේ.
මෙරට රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වේ.

Trending

Exit mobile version