ක්‍රීඩා

ලංකාව ඉන්දියාව පරදයි; දසුන්ගේ ප්‍රවේගවත් ඉනිමට සම්මාන

Published

on

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දිය පිල පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර ශ්‍රී ලංකා පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණු 206ක් රැස් කළේය.

කෙසේවුවද, ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 190ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සමත් වූ අතර ඔවුන් දෙදෙනා පන්දුවාර 8.2කදී ලකුණු 80ක් රැස්කළහ.

පළමු කඩුල්ල ලෙස මෙන්ඩිස් ලකුණු 52කට දැවී ගිය අතර 
පැතුම් නිස්සංක ද ලකුණු 33කට දැවී ගියේය.

නැවත මැද පෙළ පිතිකරුන් අසාර්ථක විය.

භානුක රාජපක්ෂ ලකුණු 02කට සහ ධනංජය සිල්වා ලකුණු 03කට දැවීගියේය. 

පන්දු 19 කදී ලකුණු 37ක් රැස්කරමින් පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිමට ජීවය එක්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් එකතු කිරීම විශේෂිතය.

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය.

මලික් ගේ පන්දු වාරයේදී පන්දු 4 දී ලකුණු 48ක් රැස් ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. මලික් කඩුලු 3ක් දවා ගත්තේය.

දසුන් ශානක පන්දු 22කදී නොදැවී ලකුණු 56ක් ලබාගත්තේය. ඊට හයේ පහර 6ක් අන්තර්ගත විය.

ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 05 ලකුණු 57ක් වනවිට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ මහත් විය.

පසුව අක්ෂා පටේල් සහ සූර්යකුමාර් යාදෙව් 06 වන කඩුල්ල සඳහා ලකුණු 91ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ.

මේ අතර, අක්ෂා සහ සූර්යකුමාර් වනිදු හසරංගගේ තෙවැනි පන්දුවාරයේදී ලකුණු 26ක් ලබාගැනීමට සමත්වූ අතර එය හසරංගට එරෙහිව T20 ජාත්‍යන්තර තරගයකදී එක් පන්දුවාරයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.

Trending

Exit mobile version